ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය-තෝලංගමුව 13 වසරක් සහතිකකරන ලද අධ්‍යාපන වැඩසටහන යනු ? විෂයයන් කිහිපයක් තුළ කොටු වූ , විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ. ඒ, පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහායි. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින් රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව හිමි වී තිබේ . ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවේ . සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන් ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අවස්ථාව සැලසී තිබේ 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය වි...