13 වසරක් සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යනු ?
ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය-තෝලංගමුව
13 වසරක් සහතිකකරන ලද අධ්‍යාපන වැඩසටහන යනු ?
ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින් රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව හිමි වී තිබේ . ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවේ .
සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන් ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අවස්ථාව සැලසී තිබේ
13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 2කට පෙරයි. නියාමන අදියරෙහි ක්‍රියාත්මක කළ එම වැඩසටහන 2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කර ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට ඒ අනුව මේ වසරේ සිට ඉඩ ප්රස්ථා සැලසී තිබේ.
ප්‍රධාන අරමුණු
- අපොස (සා.පෙ) විභාගයට පෙනී සිටි දරුවන්ට එම විභාගයෙන් සමත් /අසමත් බව නොසලකා මෙම විෂය ධාරාවට ඇතුලත් වීමට අවස්ථාව ලබා දීම මගින් සියලුම දරුවන්ට දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදීම
- මෙම විෂය ධාරාවට පිවිසෙන දරුවන්ට නමයශීලී ඉගෙනුම් අවස්ථා සැලසීම මගින් තමන් කැමති වෘත්තීය විෂයක් හැදෑරීමට අවස්ථාව ලබාදීම හා වැඩ ලෝකයට හෝ තෘතියික /උසස් අධ්‍යාපනයට අවස්ථාව ලබාදීම
- දේශීය හා විදේශීය රැකියා සඳහාඉල්ලුමක් පවතින වෘත්තීය විෂයන් හදුන්වා දීම හා ප්‍රාදේශිය වශයෙන් පවතින සම්ප්‍රදායික කර්මාන්ත, කෘෂිකර්මය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම
Comments
Post a Comment